යානී - YANI



නූතන බටහිර සංගීතයේ ප්‍රසිද්ධ සංගීතඥයෙකු වන දැනට හැට දෙවන වියේ  ( 2017 දී )  පසුවන යානී 1954 වර්ශයේ නොවැම්ර් මස 14 වන දින ග්‍රීසියේ කල්මටාහී උපත ලැබීය. කුඩා කාලයේදී දෙමාපියන් විසින් ඔහුව සංගීතයට යොමු කොට ඇත. ළමි කාලයේ සිට සංගීතය අධ්‍යනය හා අත්හදාබැලීම් සිදු කල ඔහු විදිමත් සංගීත ඉගෙනුමක් කර නැත.


උපතින් ග්‍රීක ජාතිකයකු වු 1972 දී ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් වූ නිසාත් ඇමරිකා එක්සත් ජනපදය තුලදී නිර්මාණ බොහෝ ප්‍රමාණයක් එලි දැක්වීම නිසාත් ඔහු ඇමරිකානු සංගීතවේදියෙකු ලෙස ප්‍රචලිත වී ඇත. 

1976 දී මිනසෝවා සරසවියෙන් මනෝවිද්‍යාව පිලිබඳ උපාදියක් ලබා ගත් අතර වයස 24 දී ඔහු ආචාර්ය උපාදිය ලබා ගත්තේය. පසුව මනෝ චිකිත්සාවේ යෙදුනු ඔහු එයින් විඩාවට පත්ව සම්පූර්ණයෙන් සංගීතයට යොමු විය. 

1977 චැමිලියන්  නම් රොක් සංගීත කන්ඩායමක් හා සේවය කර ඇත. යානී වෘත්තීය පියානෝ වාදකයකු මෙන්ම සංගීත රචකයෙකුද වේ. 1980 දශකය යානීගේ සංගීත දිවියේ ස්වර්ණමය යුගය ලෙස විචාරකයින්ගේ මතයයි.  

කුඩා කාලයේ තනිවම පියානෝව වාදනය කල ඔහු ගුවන් විදුලියෙන් හා චිත්‍රපට වලින් ඇසුනු සංගීත ඛන්ඩ නැවත නැවත වාදනය කරවීය. එතුලින් පියානෝ වාදනයෙහි ප්‍රවීනත්වය ලගා කරගක් යානී ඔහුටම ආවේනික ස්වර ලීවීමේ ක්‍රමයක්ද නිර්මාණය කලේය. 


සංගීතය තම ජීවිතය කරගක් යානී ක්‍රිඩාව සඳහාද තම කාලය වැය කලේය. ඔහු ජාතික ග්‍රීක පිහිනුම් කන්ඩායමේ සාමාජිකයකුව සිටියේය. වයස අවුරුදු 14 දී ඔහු එතෙක් පැවති ජාතික නිදහස් ආර පිහිනුම් වාර්ථාව බිද නව වාර්ථාවක් ඇති කිරීමට සමත් විය.


අදවනවිට ලෝකයේ අතිවිශාල ජන සහබාගීත්වයෙන් යුතු ප්‍රසංග මාලාවන් ඉදිරිපත් කරණ සංගීක අධ්‍යක්ෂකයකු වන යානී. සංගීතය හා බැදුනු අමරණීය තරුවක් වී හමාරයී.



-------------------------------------------------------------------------------


----------------------------------------------------------------------------

-----------------------------------------------------------------------------





යානී - YANI යානී - YANI Reviewed by මුදිත ඒකනායක on September 17, 2017 Rating: 5

1 comment

  1. යානි සහ ඔහුගේ කණ්ඩායම අතිදක්ෂ අය.ලොව විවිධ රටවල දක්ෂයින්ගේ එකමුතුවක්.ගොඩක් අය තම මවුබස පමනයි කතා කරන්නේ නේද?නමුත් නිර්මාණ ලෝකයම වැළඳගන්නවා.උසස් සංගීතයක වින්දනයේ අපූර්වත්වය !මම කැමති ඒ වගේම ගොඩක් ගරුකරන දෙයක් ,ඔහු තම සාමාජිකයන්ව ඉදිරියට ගෙන දක්ෂතා පෙන්වීම.ලොව ඉතා ඉහල තාක්ෂණය ඔහු පිටුපස තියෙන බවත් කියන්න ඕනෑ.යානි ගැන ලියපු ඔබට බොහොම ස්තූතියි !

    ReplyDelete