දරු නැලවිලි ගී - Daru Nalavili Gee



1
දොයි දොයි දොයි දොයි දෙය්යෝ
බයි බයි බයි බයි දෙය්යෝ
දොයි දොයි බයි බයි දෙය්යෝ
නින්දක්‌ නිදි ගන් දෙය්යෝ
2
ඔ න් න බබෝ හොරු එන වා
අ ඬ න ලමයි අල්ලන වා
ක රේ තියා ගෙණ යන වා
උ න් විකුණා රා බොන වා
3
උත්තම ගුණ ඇති වේවා
ලත් තැන වැඩ සෑදේවා
උවදුරු බයකුත් නේවා
රෑ සඳ නුඹ රැකදේවා
4
උඹෙ අම්මත් ඉතා කළුයි
නුඹෙ අප්පත් ඉතා කළුයි
නුඹ නලවන මාත් කළුයි
නුඹ විතරයි තල එළළුයි
5
බාලොලි ලොලි බාලොලියේ
බාල පුංචි ලමයින්නේ
අම්මා කොයිදෝ ඉන්නේ
නිම්මාවක් නැත උන්නේ
6
තවත් එකක් උය කළුවේ
අප්පට දීපන් කළුවේ
මටත් එකක් දිය කළුවේ
උඹත් එකක් කා කළුවේ
7
සුරතල් දරු බිය වෙති
කුරුළු පැටවු නො හඩති
නැළවිල්ලෙන් කම් නැති
කිරිල්ලෝද සැතැ පෙති
තොටිල්ල සැම සුව පිරි
8
කපුටු කාක් කාක් කාක්
ගොරක දේන් දේන් දේන්
අමුතු වාව් වාව් වාව්
කොට කිඹුලා වැට බිඳලා
ගෑ පොල් කුඩු ඌ කාලා
පිලට ගියා පිල ඇඳිරී
උච්ච කාක්කෝ
9
පුතා මගේ හරි හපනා
දවසට කොළඹට යනවා
පවුම් තිහක්‌ පඩි කනවා
ඉන් පවුමක්‌ මට දෙනවා
10
බාලොලි ලොලි බාලොලියේ
බාල පුංචි ලමයින්නේ
අම්මා කොයිදෝ ඉන්නේ
නිම්මාවක් නැත උන්නේ
11
අඹර කුරක්කන් කළුවේ
ගලකට පිටි කොයි කළුවේ
රොටී එකක් උය කළුවේ
අම්මට දීපන් කළුවේ
12
පැද්දෙයි තාලෙට සරි
අසමින් ගී සුමි හිරි
නිදන්නෑ පුත රන් කිරී
13
තවත් එකක් උය කළුවේ
අප්පට දීපන් කළුවේ
මටත් එකක් දිය කළුවේ
උඹත් එකක් කා කළුවේ
14
සුරතල් දරු බිය වෙති
කුරුළු පැටවු නො හඩති
නැළවිල්ලෙන් කම් නැති
කිරිල්ලෝද සැතැ පෙති
තොටිල්ල සැම සුව පිරි
15
දරු නැලවිලි ගී - Daru Nalavili Gee දරු නැලවිලි ගී - Daru Nalavili Gee Reviewed by මුදිත ඒකනායක on August 12, 2017 Rating: 5

No comments