තුන්සරණේ කවි - Thun Sarane Kavi



1
බුද්ධන් සරනේ සිරස දරාගෙණ
දම්මන් සරණේ සිත පහදාගෙණ
සංගන් සරණේ සිවුරු දරාගෙණ
ඉඤ්ඤයි තුන් සරණේ අදහාගෙන

2
පෙරයම බුද්ධන් සරණේ ගඤ්ඤයි
මද්දිම දම්මන් සරණේ ගඤ්ඤයි
අලුයම සංගන් සරණේ ගඤ්ඤයි
තුන්යමටම තුන් සරණේ ගඤ්ඤයි

3
කකුසඳ කෝනාගම වෙර මුනිවර
කාශ්‍යප ගෞතම මුනිඳු අදර කර
සමන් පතිනි ගණ දෙවිඳුනි ඉසිවර
දමන් ඉවත ඇති වරදක් දුරු කර

4
සමන් පතිනි ගණ දෙවිඳුන් නුවනේ
ගමන් කලට සැතපෙන වැනි පවනේ
දමන් වරද දුටුවත් දෙවි රජුනේ
කියමි මදක් කවි බණ තුන්සරණේ

5
පදයට යවහන් නෙදැනේ ගුණ පණ
යුදටය ආයුදයක් ගත්තා මෙන
අද හෙට දෝ නොදැනෙයි තිර නැති පණ
මදකට පවසමි තුන් සරණේ ගුණ

6
සීත ගඟුලෙ නවතින්නේ
වෙහෙස ටිකක් ඇරලන්නේ
ගත පිරිසුදු කරගන්නේ
පන්සිල් ගෙන නික්මෙන්නේ.

7
තුන්සරණේ කවි - Thun Sarane Kavi තුන්සරණේ කවි - Thun Sarane Kavi Reviewed by මුදිත ඒකනායක on August 13, 2017 Rating: 5

7 comments