ඔන්චිලි වාරම් - Onchili Waram
1
ඔන්චිලි චිලි චිල්ල මලේ
වැල්ල දිගට නෙල්ලි කැලේ
කඩන්න බැරි කටු අකුලේ
කඩා දියන් මගේ මලේ
2වැල්ල දිගට නෙල්ලි කැලේ
කඩන්න බැරි කටු අකුලේ
කඩා දියන් මගේ මලේ
සතර දෙයි අපි ආවේ ඔක්කොම
සතර වටට සොඳ කැරකෙන ගෙත්තම
සතර අතට අල්ලා මාලක්කම
කතර ගමට බාරයි අපි ඔක්කොම
3සතර වටට සොඳ කැරකෙන ගෙත්තම
සතර අතට අල්ලා මාලක්කම
කතර ගමට බාරයි අපි ඔක්කොම
ඉඳ ගත්තෙමි උස පුටුවක ගුවනා
බැඳ ගත්තෙමි ජය කොන්ඩය මුදුනා
ඇඳ ගත්තෙමි වතකුත් ආබරණා
වැඳ ගත්තෙමි නාරායණ සරණා
4බැඳ ගත්තෙමි ජය කොන්ඩය මුදුනා
ඇඳ ගත්තෙමි වතකුත් ආබරණා
වැඳ ගත්තෙමි නාරායණ සරණා
පදිනා කල විත් වැල් ඔංචිල්ලා
අඳිනා වත තද කර ඇදගල්ලා
පදිනා වැල් දෙක බුරුල් නොදෙල්ලා
සොඳිනා ගී කියමින් පැදපල්ලා
5අඳිනා වත තද කර ඇදගල්ලා
පදිනා වැල් දෙක බුරුල් නොදෙල්ලා
සොඳිනා ගී කියමින් පැදපල්ලා
මිතුර මෙනුඹ අපි එක්ව සියල්ලා
කතුර ලෙසට බැඳි රන් ඔංචිල්ලා
නතර වෙවී ගුවනේ ඔංචිල්ලා
මෙවර පදිමු අපි රන් ඔංචිල්ලා
6කතුර ලෙසට බැඳි රන් ඔංචිල්ලා
නතර වෙවී ගුවනේ ඔංචිල්ලා
මෙවර පදිමු අපි රන් ඔංචිල්ලා
විසි තුරු කර බැඳි රන් ඔංචිල්ලා
රිසි රිසි අය අරගෙන පැදපල්ලා
ඇසි පිය නො හෙළා බලා සිටිල්ලා
කිසි තැන නැත මේ ලෙස ඔංචිල්ලා
7රිසි රිසි අය අරගෙන පැදපල්ලා
ඇසි පිය නො හෙළා බලා සිටිල්ලා
කිසි තැන නැත මේ ලෙස ඔංචිල්ලා
පුර වර මැද බැඳි රන් ඔංචිල්ලා
දුර යන තරමට පුදුම නො වෙල්ලා
වවුලන් ලෙෂ කැරකෙයි ඔංචිල්ලා
අපිත් පදිමු දැන් රන් ඔංචිල්ලා
8දුර යන තරමට පුදුම නො වෙල්ලා
වවුලන් ලෙෂ කැරකෙයි ඔංචිල්ලා
අපිත් පදිමු දැන් රන් ඔංචිල්ලා
රනේ රුව සේ ඇති බාල ලදුන්ගේ
කණේ තොඩු දෙක දෙපිට වැනෙන්නේ
ඉනේ සළුව තද කර ඇද ගන්නේ
අනේ ළදුනි ඔංචිලි පැදපන්නේ
9කණේ තොඩු දෙක දෙපිට වැනෙන්නේ
ඉනේ සළුව තද කර ඇද ගන්නේ
අනේ ළදුනි ඔංචිලි පැදපන්නේ
අත්ත උසං උසං උසං
ජම්බු පොකුරු සිලිං බිලිං
ලොකු අක්කේ පදිං පදිං
ජම්බු කඩං බෙදං බෙදං
10ජම්බු පොකුරු සිලිං බිලිං
ලොකු අක්කේ පදිං පදිං
ජම්බු කඩං බෙදං බෙදං
වවුල් දහයි දහයි දහයි
කොක්කු දහයි දහයි දහයි
අහසේ උඩ නගියි නගියි
පදිමු අපිත් එහෙයි මෙහෙයි
11කොක්කු දහයි දහයි දහයි
අහසේ උඩ නගියි නගියි
පදිමු අපිත් එහෙයි මෙහෙයි
ඉරු දෙවියෝ යන්නේ උඩින්
සඳ දෙවියෝ යන්නේ උඩින්
තරු බැබළෙන අහස උඩින්
නඩා ගහමු අපිත් උඩින්
12සඳ දෙවියෝ යන්නේ උඩින්
තරු බැබළෙන අහස උඩින්
නඩා ගහමු අපිත් උඩින්
ඔන්චිලි වාරම් - Onchili Waram
Reviewed by මුදිත ඒකනායක
on
August 12, 2017
Rating:
No comments